මහ රාජිනිය
දැන් බලන්නකෝ පහුගිය දා අපේ ජනාධිපති උතුමා ඒරොප්පේලේන් ඒකේ නැගලා ගියා ඒංගලන්ත මහ රාජිනියගේ අවසන් කටයුත්තට සහභාගි වෙන්න. කාරියක් නැ. ඒව්වා අපේ සිරිත් විරිත් තමයි. නමුත් හත්තිලව්වේ රටේ මිනිස්සු කන්න නැතුව හාමතේ ඉන්න වෙලේක ඔහොම කරන ඒක හරිද?
හැබැයි ඉතින් කෙනෙක්ට කියන්න හිතන්න ඇහැකි මෙහෙම. ඒවත් ඒක්තරා විදිහක දේශපාලන උප්පරවැට්ටි තමයි ඔ්යි. දැන් හෙට අනිද්දට ජිනිවා මානව හිමිකම් මෙව්වා ඒකෙන් අපිව හිර වෙනවා. අපිට ආධාර ටිකක් ණය මුදලක් හොයාගන්න ඔ්න වෙලාවක් මේක. ඒහෙව් කොට බලවතා හීං නූලෙන් මෙල්ල කරගන්ට මේව්වා වැදගත් තමයි... කියලා.
ඒ කතාවලත් ඇත්තක් නැතුවා නොවෙයි.
අපේ ජනාදිපති උතුමාට ඒරෙහි නඩයට ඔය පැත්ත පෙනෙන් නෑ. ඒ වගේම උන්නැහේ පස්සෙන් වැටුනු කපුටු රංචුවට රට්ටුන්ගේ කුසගින්න පෙනෙන්නෙත් නැ.
අපේ රටේ දේසපාලනේ අන්න ඒහෙම ඒකක්නොවෑ.
අපට හරියන්න තව කල්පයක්වත් යයි.
ඒහෙම හිතෙන්නේ වේදනාවට මිසක්කා ආසාවට නොවෙයි ආයිබොවන්.

No comments:
Post a Comment