අද 2022 සැප්තැම්බර් 24 හෙනහුරාදා
ලියන්ට හුරු වුනාම කාලයක් යත්දී ඒ්ක මහ වදයක් වෙනවා. අම්මපා. නොලියා ඉන්නකොට ඔළුවේ ඇම්ම තද වෙනවා. දැන් දැන් දිග ලියවිලි ලියන්න කම්මැලියි. ඇක්සයිස් පොත්, හාෆ් ෂීට්, පුලුස්කැප්, තීන්ත පැන්, බෝල්පොයින්ට් පෑන් දැන් අමතක වෙන තැනටම ඇවිත්. යතුරු පුවරුවට අත් දෙකම හුරු වෙලා. ඉස්සර දකුණතින් ලිව්වට දැන් දෑතින්ම කොටාන යන්න අවස්තාව ඇවිත් .
ඔ්කෙන් වුනේ ලියන වේගය වැඩි වීමයි. ඒකෙන් වුනේ අකුරු වල බර අඩූ වීමයි. කොහොමින් මුලින් මුලින් මුහුණු පොතට ලිව්වා. ඒකේ මුලින් හිටියේ තිහ හතළිහක පිරිසක්. උන් ටික තෝරලා බේරලා පෙරලා ගත්තු ඒවුන්. පහු වෙනකොට පිරිස ඉහල ගියා. උන් නානාප්‍රකාර අදහස් තියෙන ඒවුන්. ලියන ඒව්වා සමහරෙකුට හොදයි වෙනකොට සමහරෙකුට මල පනිනවා. විශේෂයෙන්ම දේශපාලනය ගෑවිලා ගියත් උන්ට චූන් වෙනවා. රටේ තත්වෙත් වෙනස් වුනා. හැම අටමගලම දේශපාලනයට යා වුනා. මොකක් ලිව්වත් කීවත් ඒක රටේ මෝඩ දේශපාලනේට යාකරගෙන තප්පුලන උන්ගෙන් ගිනුම පිරුනා. ඔ්කෙන් වුනේ මුහුණු පොතේ ලියන ඒක ඒපා වෙච්චි ඒකයි.
මේකේ ලියන්න ගත්තේ ඒතැන නැති නිදහසක් මෙතැන ඇතැයි යන හැගිම හංදයි.
අපි පරණ මිනිස්සු. පාසල් සංදියේ පරිගනකයක් ඇහින් නොදැක්ක පරම්පරාවේ මිනිස්සු. ඒ අතින් මේ තරමට හරි යාවත්කාලින වෙච්චි ඒක මොනතරම්ද කියලා විඩේකට හිතෙනවා.
කියන්න තියෙන්නේ මෙච්චරයි. මේකෙවත් මට නිදහසේ ලියන්ට ඉඩ දියල්ලා.
හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැ මෙතන කියන හැම ඉලව්වම ඉස්මුදුනින් පිලිගන්ට ඔනෑය කියලා. ඒහෙම නෑ. හැමෙකාම ඒකම විදිහට හිතන්නේ පතන්නේ නෑ. ඒක සොබාවිකයි. හැමතැනම විවේචනය තියෙනවා. හැබැයි ඒක සාධාරන මට්ටමේ ඒකක් වෙන්ඩ ඔ්න කියන ඒකයි මයේ අදහස.

