අක්සර විනාස...
අපි ඉස්කෝල යන කාලේ ටැග් ගැහුනේ බස්ටැන්ඩ් ඒකේ. නැහ්නං ඉස්කෝලේ පිට්ටනිය කොනේ උණ පදුර යට. ඔතෙන්ට වෙලා වල්පල් දෙඩවිල්ලයි, කුමන්ත්‍රන කිරිල්ලයි, ආදර හුටපට තොරතුරු හුවමාරුවයි, උදේ දැකපු රූපත් අක්කා ගැනයි කෙළෝරක් නැතුව දෙඩෙව්වා.
පස්සෙං පහු අපි ෆේස්බුක් ඒකට ආවා. ඒ ආපු මුල් කාලේ ඒ අටමගලේ ගැන තියා කොම්පියුටරේ ගැනවත් හාංකවිසියක් දැනං උන්නේ නැ.
කිව්වට විස්වාස කරහල්ලා මම මුල්ම කාලේ කොම්පියුටරේට වෛර කළේ ඒක හේතුවක් හංදා. ඒ තමයි මේක හදපු ඒකාට මේ ඉලව්ව ඔ්ෆ් කරන්න කොතනක හරි සුවිච් ඒකක් හයි කරන්න කල්පනා නොවුනේ ඇයි කියලා. ඒහෙම තිබුනනම් මට මේක ටිවි ඒක වගේ ඔබලා ඔ්ෆ් කරන්න තිබුනා. සට්ඩඩවුන් බටන් ඒක දැන් නිකං නිකං ඒකක් උනාට ඒ කාලේ හෙන සංකීර්ණ ඒකක්. දැංනං ඔය සංකීර්ණ කෝකත් නවලා ගන්න විදිහ යම්පමනකට ඉගෙන ගෙන තියෙන්නේ කිව්වොත් තරමක් දුරට ඒක හරි කියලත් හිතෙනවා. අනේ මංදා.
ෆේස්බුක් ඒකේ මුල්කාලේ හිටියේ හිතවතුන් 30යි . උන්ගෙන් මෙලෝ වදයක් කරදරයක් තිබුණේ නැ. ඉදලා හිටලා ලියපු ඒකක් උන් යමින් ඒමින් ලයික් කලා. කලාතුරකින් ඒකෙක් කොමන්ට් කලා. ඔච්චරයි. පස්සෙං පහු මේකට හතර වටෙන් ඒක ඒකා ඒකතු වෙන්න ගත්තා. උන් ඒක ඒක තාලේ චරිත . සමහරු අපට වඩා බොහොම හොද උන්. අපට වඩා ඉගෙනගත්තු උන්. බුද්ධිය තියෙන උන්, මනුස්සකම් තිබුන උන්, අසමජ්ජාතියෝත් ඒකතු වුනා. මෙලෝ රහක් නැති උනුත් ආවා. , පෙරේතයෝ කුම්භාන්ඩයෝ, ඔත්තුකාරයෝ, නානාප්‍රකාර උන් ඒකතු වුනා.
ඔ්කෙන් උනේ අර තිබිච්ච නිදහස අන්තරස්දාන වෙච්චි ඒකයි.
සමහරු ඉන්නවා උන් හිතන දෙයක් තමයි උන් හිතන විදිහට අපිත් හිතන්න ඔ්න කියලා හිතනවා. උන්ගේ දේසපාලනේ , උන්ගේ ආගමික මතිමතාන්තර, උන් අදහන මන්තර ගුරුකං අපිත් පිලිගන්ඩ ඔ්න., අපි ත් අදහන්ඩ ඔ්න.... ඔ්ම ඔ්ම...
මේක දුක්ගැනවිල්ලක් හෙම නොවෙයි.
ඔය අස්සේ හිටියා භාෂා විසාරදයෝ පිරිසක්.
උන් තමයි හොදටම කළේ...
කොටින්ම කියනවානම් උන් තමයි හොදටම අරින්න බලාගෙන ආවේ...
උන් මුලින්ම බලන්නේ ලියන ඒව්වෑ අක්සර වින්නාසේ හරිද කියලා. ඊට පස්සේ වයාකරන දෝස තියෙද කියලා.. වචනාර්ථ හරිද වැරදිද කියලා...
ඔව්වා ගැන මයේ අදහස කොටින්ම මේකයි.
මම මේ දැනුත් මෙසේ ලියාන කොටාන යන ඒව්වා හරියට ඉස්සර කාලේ චින්ත පැනෙන් කැලැන්ඩර කොල වල පස්ස පැත්තේ ලියාපුවා වගේ රළු කෙටි සටහන්. ඇක්සයිස් පොත් වල පස්සපැත්තේ කොලේ ලියාගත්තුවා වගේ. ඒව්වාට මොන අක්සර විනයාසද හත්තිලව්වේ...
ඔව්වා ගැන වද වෙන්න ගියොත් මට ලියන්න ආ ඒව්වා අමතක වෙනවා.
බස කියන්නේ අඩුව මිටිය හැන්ද ගැරුප්පුව වගේ තවත් ඒක උපකරනයක් විතරයි. ඒකෙන් ගොඩනගන දේවල් දිහා තමයි බලන්ඩ ඔ්න. මල වදේ...
අපේ උන් අනුන්ගේ රෙද්දවල් හොය හොය ඉන්න අල්ල පනල්ලේ සුද්දා තමයි හොදටම කළේ. ඒකා අක්සර වින්‍නාස, වයාකරන දෝස හොයාගන්න තාක්සනික උපක්‍රම බිහිකලා. වර්ඩ් ඒකේ ටයිප් කරලා බලහල්ලා බොරුනං ඉංගිරිස් අකුරක් වැරදුනොත් රතුපාටිං මාක් වෙන්නැද්ද කියලා. දැං දැං තව ඉස්සරහට ගිහින් තියෙන්නේ...
පහුගිය අවුරුද්දේ මම ලියාපු පොත අච්චු ගහන්ඩ කලින් මම දන්නා අදුනන ගුරුන්නාන්සේ කෙනෙක්ට දුන්නා අකුරු ගලපා හදා දෙන්ඩ කියලා. ඒ මනුස්පයා නොහිටින්න මං ඔ්ක කුලියට හරි කරෝගන්නවා. මට නැහෙන්න බෑ ඔය මනස්ගාත ඒක්.ක...
ලියන ඒව්වැ අක්සර දොස් වෙනස් උනාම අරුත් වෙනස් වෙනව නේද කියලා අහන අයට මම කියන්නේ " ඇත්ත කතාව.. පිලිගන්නවා. ඒහෙම නොවන තාක් ඔ්ක ප්‍රස්නයක් නොවේ" කියලයි...
සරලවම කිව්වොත්...
තන සහ තණ කිව්වාම ලේසියට සුලුකොට තකන්න බැරි දරුනු වෙනසක් ඇති බව අමුතුවෙන් කියන්න දෙයක් නැ. ඒක සහතික ඇත්තක්.
ඒත් හත්තිලව්වේ "ගොනා තන/තණ කයි" කිව්වාම අර මතු වෙච්චි ආරවුල ලෙහෙන් නැද්ද? ඔ්කුන්ට ඔ්ක තේරුං බේරුං කරගන්න බැරිද? ගොනා කන්නේ තනද තණද කියලා බේරගන්න බැරි උන් කොහොමද දෙයියනේ පවුල් ජීවිතයක් ගත කරන්නේ සාමෙන්...?
දෙවෙනි ප්‍රස්නේ අකුරු කොටන ඒක. ඉස්සර ටයිප් කරනවා කියන ඒක ලේසි සෙල්ලමක් නෙවෙයි. හෙන අමාරු වැඩක්. ටයිපිං සෝට්හැන්ඩ් කියලා පුද්ගලික පංතිත් පැවැත්තුනා අපේ කාලේ. මමනම් ඔව්වට ගොහිං නැ. අකුරු බල බලා ටයිප් කලා.
පස්සෙං පහු දෙසතියක වේගවත් පුහුනුවකින් පස්සේ හරි විදිහට ටයිප් කරන්න ඉගෙන ගත්තා. සුද්දෙක් උගන්වන යුටියුබ් චැනලයකින් තමයි හරියටම ඉගෙන ගත්තේ . දැන් යතුරු පුවරුව බලන් නැතුව ගසාන ගසාන යන හැකියාව තියෙනවා.
ඔය ඔක්කටෝම විසදුම් දැන් තියෙනවා. අර හෙලකුරු කියන මොකක්ද ඒකට ගියාම කටින් කියන ඒක ඒකේ ටයිප් වෙනවා. අකුරු වැරදිත් අවමයි. ඔහෙලට අපට දැන් තියෙන්නේ ඒක ඔන් කරලා කටිං කියාන කියාන යන්ඩ පමණයි.
බාසා විසාරදයෙක් අරක වැරදියි මේක වැරදියි කියාගෙන ආවොත් හෙම තාක්සනික දෝසයක් කියලා අහක බලාගන්ඩයි තියෙන්නේ. ලබ්බ...
වඩුවගේ නියන, මිචිය, කියත දිහා බලලා වැඩක් නැ මහත්වරුනි. ඒකා හදලා තියෙන පුටුව ඉදගන්ඩ ඇහැකි තත්තෙක තියෙද?, සාලෙන් තියත හැකිද? අලංකාරයිද? ශක්තිසම්පන්නයිද? ... ආං ඒහෙම දේවල් දිහා බලහල්ලා කියලයි මමනම් කියන්නේ.
ඔය මයේ අදහස...
ඔය නෝනගේ මහත්තයාගේ අදහස ඔයිට පරස්නම් ඒකේ ඇති වරදකුත් නැ. මිනිස්සු හිතන විදි වෙනස්. ඒක මොනතරං සොබාවිකයිද? අලංකාරයිද?
ආංඒකයි...